GATABERE Lyrics
- Genre:Pop
- Year of Release:2022
Lyrics
වයනකොට පද අදුර අතරේ
ගැටබෙරේ පළු හඩවලා
වංසෙ උරුමය ගිගුම්දුන්නා
අරුමෙ සෙංකඩගල කියා...
දළදාවෙ තිසරණ පතා
කෛමෙත්ත නුඹෙ දිලිසුනා...
මහා වැසිමැද අනෝරාවේ
දෙහි කපනකොට එක එකා
උඹත් නැටුවා තබා තාලය
වන්නමට පද ගලපලා...
හීන් හිරිපොද වැස්ස එනකොට
නොගොස් උඹ හෙවණක් හොයා
දිරිය පේ උන ශිඛාබන්ධන
කිරුළ ධන'තර දිලිසුනා...
වයනකොට පද අදුර අතරේ
ගැටබෙරේ පළු හඩවලා
වංසෙ උරුමය ගිගුම්දුන්නා
අරුමෙ සෙංකඩගල කියා...
දළදාවෙ තිසරණ පතා
කෛමෙත්ත නුඹෙ දිලිසුනා...