Awidan yamu Lyrics
- Genre:Pop
- Year of Release:2023
Lyrics
යන්නට ආසයි වැස්සේ
ඔබ හා තුරුළු වී පහසේ
තනිකමක් නෑ මගේ හිතේ
හිඳිනකං ඔබ මේ රැයේ
ඇවිදන් යමු අපි රෑ යාමේ
එලිවෙනකන් මේ හඳ පානේ
සතුටින් පෑ සිනහා නුඹගේ
අදටත් සිහිවෙමි මෙලෙසේ
දැනුනේ ආදරේ සෙනෙහසේ
අත ගෙන ඇවිදිමින් රහසේ
ඔබ හා එක් වුණේ කෙලෙසේ
අදටත් හිඳිමි අපි ආදරෙන්
ඇවිදන් යමු අපි රෑ යාමේ
එලිවෙනකන් මේ හඳ පානේ
සතුටින් පෑ සිනහා නුඹගේ
අදටත් සිහිවෙමි මෙලෙසේ
යන්නට ආසයි වැස්සේ
ඔබ හා තුරුළු වී පහසේ
තනිකමක් නෑ මගේ හිතේ
හිඳිනකං ඔබ මේ රැයේ
ඇවිදන් යමු අපි රෑ යාමේ
එලිවෙනකන් මේ හඳ පානේ
සතුටින් පෑ සිනහා නුඹගේ
අදටත් සිහිවෙමි මෙලෙසේ
බාධා ආවත් මේ භවයේ
රැකගමු අපගේ ආදරේ
සිහිවෙයි කී කතා ඔබගේ
අදටත් සොයමි මං පෙරසේ