Mayamkari ft. Nadeera & Pasiya Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2022
Lyrics
බලාගන්න ඕනි හැමදාම ආදරේ
සිරවුණු අමතක නුබ ගැන මක් සේ
ලියවිල්ලක මතක ලියුම සිරවේ
ඇදෙනවා නුබ ගැන කවි මගෙ මනසෙ
එදා එදා ගොඩක් ජීවිතේ කටුකයි
විදවන පීඩන මනසට ගරහයි
එක බැල්මක් මගෙ හිත රවටයි
නුබ එනකන් මගෙ සිත අද විමසයි
කෙල්ලෙ ඔය බැල්මට මම යාතිකා
ආදරෙ නිසා කල්පනාකාරී වුන මම කාරයා
නුබ වෙනුවෙන් ලියේවි හදෙ ගීතිකා
දවසක සිනහ ගගම උතුරා ගියා
මම නුබ එක්ක ආලෙ කරෙ රහසේ
මලානික වෙලා හිත තනියම අදුරේ
විදිවනවා හිත මගෙ අද කටුකේ
රවටන්නෙ මං මාව මේ කරැමේ
හිනා වෙලා මගෙ ජීවිතේට ආවේ
එක සැරයයි මම නුඹව දුටුවේ
දුටු ගමන් හිත දුර යාවේ පාවේ
පාවී පාවී දුර ගමනක මායම්කාරී යේ
නුබෙ ඇස් දෙක දුටුව ගමන් වශි වුනා
අන්දර වැට ලග නුබ ඉදි නෙත්සලා
වැරදි අමතක නොකරම මට ගසා
පිටුපසින් මගෙ හිසටම ගසා ගියා ඒයි
මාතෘකාව වෙනස් කතාව වෙනමයි
රමටත් එදා දුක ඇති බොහොමයි
රාවණාවටත් ආදරෙ උරුමයි
හිනා වෙලා ඔරවන්නේ ආදරේ හින්දයි
කට්ට කාල කෙල්ලෙ ආවෙ මම උඩට
අතවනලා මගෙ ගමන කෑව නිසම
විදිවනවා මගෙ ගතම තාම
කවුද හරි වැරදි මම දන්නෑ කෙල්ලෙ තාම
නුබෙ මතකය බොරුවට දකිනවා
දැක්ක ගමන් සිත මගෙ අද දුවනවා
වෛරයක් නුබ ගැන අද ඇදෙනවා
පිටුපෑවේ නුබ මටම එදා ගරහලා
බලන් ඉද්දි ගෙවෙනවා හෝරා
කෙලින් ඉදල වටින් ඔරවලා
අන්සතු මලකට හිත දුවලා
අන්සතු මල මගෙ වත්තෙ අද පිපිලා ඒයි
එදා එදා මගෙ ජීවිතේ ගැරහිලි
මුල ඉදි අය අගටම මැලවිනි
සිතුවිල්ලට විරාම දෙමි
රජදහනේ මම තනිවෙමි ඒයි
යන යන තැන නුබ ගැන චායා
තිරිසන්කම හැමතැන පිරිලා
මගෙ මනසෙ විවිධ විකාරා
නුබ කර දේ හරී නෑ මායම්කාරී ඒයි
ඇස් වට කර යටිකුරු බැල්මක්
නුබ වෙනුවෙන් මගෙ හිත තාමත්
ඉඩ දුන්නට මගෙ මනස තාමත්
එපා කෙල්ලෙ ආයෙ එන්න මියැදුණු සිතටත්
කර හැමදේ හරි නුබ වැරදියි
එදා උබ හරිනම් මම වැරදියි
බොරුවට හඩනා අය දන්දීම්
කට්ට කෑවා එදා ගොඩට එන්න මතකෙන්
රැව් දෙනවා අහසෙ දුටු සද
මතකෙ නොකරම අමතක
තිතකින් නොවතමි අතිතය
හිතෙ නෑ ඉඩ කවි ලියන්න කෙල්ලෙ මට
හැමදේම කිව්වේ මම නුබටයි
රහසෙ හැඩුව දේ රවටයි
කලාවෙන් ආ ගමන දුරයි
ඉකිගසා ඇඩු කදුලු දුක්ම මීවිතයයි