Samsara (Aco Electro Mode) ft. Shadhir Ahamed Lyrics
- Genre:Pop
- Year of Release:2023
Lyrics
සංසාර ගංතෙරේ නිස්සාර හීනයෙන්
අවදී ව යා යුතුය මා
උන්මාද වී ඔහේ ආමග දුරයි ප්‍රියේ
යායුතුය මා නොවරදා
නුබෙ නේත්‍රා රිදවලා අද යාත්‍රා කරමි මා
සිහසුන් මාලිග පවා යනවා දමා
දුරලා පෙම් කල්පනා නවතා හිත් වේදනා
නිවලා මුලු හිතම මා යනවා දමා
මේ සා විසල් වනේ හිමි අහිමි ජීවිතෙන්
නැවතී ගිමන් හරිමි මා
මතුදාක මේ භවේ මුදවාලමී සදේ
සසරේ බැදුම් නුබගේ පවා
දුටුවා පෙර නිමිති මා අදුරේ දුක් උහුලනා
බිදුවාලමි බැමි සොයා සසරේ සදා
දුරලා පෙම් කල්පනා නවතා හිත් වේදනා
නිවලා මුලු හිතම මා යනවා දමා
දුරලා පෙම් කල්පනා නවතා හිත් වේදනා
නිවලා මුලු හිතම මා යනවා දමා
දුටුවා පෙර නිමිති මා අදුරේ දුක් උහුලනා
බිදුවාලමි බැමි සොයා